ඩිෆෙන්ඩර් රථයේ තිබුන දේ බලන්නකෝ ..ලේකම්ගේ සිද්ධිය ඉවර උනා විතරයි තවත් එකක්..ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක්..

Lohan Ratwatte Sri Lanka Accident
By Piyumika Oct 26, 2024 04:05 AM GMT
Piyumika

Piyumika

Report

අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ දංගහාමුල්ල ප්‍රදේශයේදී ඊයේ (25) පස්වරුවේදී සිදුවූ අනතුරකින් හිටපු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

හිටපු අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ ගමන් කළ රියට පිටුපසින් ගමන් කරමින් තිබූ ලෑන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් ත්‍රීරෝද රථයකට ඉස්සර කර යෑමේදී පැමිණි වේගයත් සමඟ පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් මාර්ගයේ පසෙකට ධාවනය වී අසල ඇති බස් නැවතුම්පොළක ගැටීමෙන් බරපතළ හානී සිදුව අනතුරට පත්ව තිබෙනවා.

ළමයින් සම්බන්දව වසරකට පැමිණිල දස දහස ඉක්මවා..ඒත් ළමා නඩු බලන්න අධිකරණයට ඉන්නේ නීතිඥවරු තුනයි..

ළමයින් සම්බන්දව වසරකට පැමිණිල දස දහස ඉක්මවා..ඒත් ළමා නඩු බලන්න අධිකරණයට ඉන්නේ නීතිඥවරු තුනයි..

කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වාරියපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් බස් නැවතුම්පොලට හානි වීමත් සමග ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව හිටපු මන්ත්‍රී දැඩි විරෝධයක් දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

ගත්ත නිධානයකුත් නෑ..දුවන්න හයියකුත් නෑ ..අපොයි අවසානෙට සිද්ද වුණ දෙයක්..

ගත්ත නිධානයකුත් නෑ..දුවන්න හයියකුත් නෑ ..අපොයි අවසානෙට සිද්ද වුණ දෙයක්..

හිටපු මන්ත්‍රීවරයාගේ රථය තුළ ගිනි අවි පවතින බවට පසුව එම ප්‍රදේශවාසීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

වාරියපොල පොලිස් ස්ථානයේදී එම රථය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ පිස්තෝලයක් සොයාගත් බවත් ඒවායේ බලපත්‍ර ලබන (31) වනදා දක්වා වලංගු බැවින් ඩිෆෙන්ඩර් රථය සහ ගිනිඅවි මුදා හැරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.