පිලිපීනයේ සංචාරක නෞකාවක් ගිනි ගනී - 5ක් මරුට - 80 ට වැඩි පිරිසක් අතුරුදහන්
බටහිර පිලිපීනයේ පලවාන් දූපතට ඔබ්බෙන් ඊයේ(9) රාත්‍රියේ තොටුපළක ඇති වූ ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම 80 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය අද(10) දින සඳහන් කළා.
එසේම පලවාන්, කොරොන් මුහුදේ දී එම්වී ජූන් ඇස්ටරයේ ඇති වූ ගින්නෙන් පසු ඊයේ රාත්‍රියේ පුද්ගලයින් හතළිස් තුන් දෙනෙකු බේරා ගත් බවත් සඳහන්.
මේ අතර වෙරළාරක්ෂක ප්‍රකාශක කොමදෝරු නොමි කයාබියාබ් DZXL ගුවන් විදුලියට සඳහන් කළේ යාත්‍රාවේ මගීන් 117 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු ලැයිස්තුගත කර තිබෙන බවයි.
කෙසේ වෙතත් වාර්තා වී ඇති දිවි ගලවා ගත් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව මත පදනම්ව, පුද්ගලයින් 80 කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම දිගටම පවතින විට මෙම සංඛ්‍යාලේඛන වෙනස් විය හැකි බව කයාබියාබ් සඳහන් කරයි.
එසේම මෙතෙක් ගින්නට හේතුව සොයා ගෙන නැති අතර එය විමර්ශනය වෙමින් පවතියි.
ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න