ළමයින් සම්බන්දව වසරකට පැමිණිල දස දහස ඉක්මවා..ඒත් ළමා නඩු බලන්න අධිකරණයට ඉන්නේ නීතිඥවරු තුනයි..

Report

මෙරට සමස්ත ළමා අපරාධ නඩු සම්බන්ධව සොයා බැලීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ සේවය කරන්නේ නීතිඥවරු තිදෙනකු පමණක් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (නීති බලාත්මක කිරීම) සජීවනී අබේකෝන් පැවසුවාය.

අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර..

අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර..

ඉකුත් වසරේදී (2024) නීතිඥවරු සිව් දෙනකු සේවයේ යෙදී සිටි බවත්, ඉන් එක් අයෙකු මේ වන විට සේවයෙන් ඉවත්ව ඇතැයිද ඇය කීවාය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වසරේ අගෝස්තු මස 31 වැනිදා වන විටදී පැමිණිලි 5,725ක් ලැබී ඇත.

මාළු මිල මෙච්චර අඩු වුණා කියල දන්නවද..

මාළු මිල මෙච්චර අඩු වුණා කියල දන්නවද..

සාමාන්‍යයෙන් වසරකට පැමිණිල දස දහසක් පමණ ලැබෙන බවත්, ළමා කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වෙනම නිලධාරියෙක් සෑම පොලිසියකටම ඉදිරියේදී යෙදවීමට බලාපොරොත්තු වන බවත්, සිවිල් ඇඳුමින් ගොස් රාජකාරි කිරීමට එම නිලධාරියාට අවස්ථාව ලබාදෙන බවත් එම අධිකාරිය කියයි.