යළි හිස ඔසවන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය - ඇමරිකාවත් විනාසයි
අමෙරිකා එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නවතම තොරතුරු අනුව සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය ඉහළ ගොස් ඇත.
ඒ අනුව මිලියන 20කට වැඩි පිරිසක් සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය වැළඳී ඇති අතර, ඉන් මියගිය සංඛ්‍යාව 11,000ක් බව වාර්තා වේ.
එමෙන්ම රෝහල්ගත කිරීම් 270,000ක් වාර්තා වී ඇති අතර 2010-2011 වසරෙන් පසුව ඉන්ෆ්ලුවෙන්සා රෝගය මෙලෙස ඉහළ යාමක් වාර්තා වී ඇත්තේ පළමු වරට බව එරට මාධ්‍ය වාර්තා කරයි.