හිලරි නිසා මිලියන 26ක ජනතාවට අනතුරු ඇඟවීමක් - ගුවන් ගමන් රැසක් ද අවලංගු වෙයි..

By krishani Aug 21, 2023 12:47 PM GMT
Report

දකුණු කැලිෆෝනියාව හරහා හිලරි නිවර්තන කුණාටුව හමා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ හේතුවෙන් මිලියන 26 ක ජනතාවක් ගංවතුර අනතුරු ඇඟවීම් යටතේ සිටින බව වාර්තා වේ.

වසර 84 කට පසු ප්‍රාන්තයට බලපෑ පළමු කුණාටුව මෙය වන අතර වාර්තාගත වර්ෂාවෙන් ලොස් ඇන්ජලීස් සහ පාම් ස්ප්‍රින්ග්ස් සහ ඩෙත් නිම්නය වැනි කාන්තාර ප්‍රදේශ ද ගංවතුරට ලක් වී තිබෙනවා.

කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ජනාධිපති ජෝ බයිඩන් ෆෙඩරල් ආධාර නිකුත් කිරීම සඳහා නියෝග කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

එමෙන්ම දකුණු කැලිෆෝනියාවේ නායයෑම්, ගස් කඩාවැටීම් සහ ජලයෙන් යට වූ නිවාස වාර්තා වී ඇති අතර පාසල් වසා දමා තිබෙනවා.

මේ අතර ගුවන් ගමන් රැසක් ද අවලංගු කර ඇති අතර කැලිෆෝනියාවේ මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.