මේ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇගවීමක්

By Mithu Nov 23, 2025 01:40 AM GMT
Report

පවතින වර්ශාමය තත්ත්වය සමග දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

නිවේදනය අනුව, දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින අතර, ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර තත්පරයට ඝන අඩි 19,400 ක් තරම් ජලය දැදුරු ඔයට මුදා හරිමින් පවතින බව සඳහන් කර තිබේ.

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

මෙහිදී ජලාශයට ලැබෙන ජල ධාරිතාවය අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි විය හැකි බවත් නිවේදනයේ දැක්වෙයි. මෙම තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය දෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශවලින් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එමෙන්ම අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, වර්ෂා තත්ත්වය මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල විශ්ලේෂණ අනුව, ඉදිරි පැය 24 තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් සඳහන් කර ඇත.

එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වී කරන කියන දේ කිරි ගහට ඇන්නා වගේ සාර්ථකවෙන අද ලග්න පලාපල

එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වී කරන කියන දේ කිරි ගහට ඇන්නා වගේ සාර්ථකවෙන අද ලග්න පලාපල

ඒ අනුව, මෙම ප්‍රදේශ ආශ්‍රිතව පහත්බිම් හරහා වැටී ඇති මාර්ග කිහිපයක ජලයෙන් යටවීමේ අවදානමක් පවතින අතර, මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් ක්‍රියා කරන ලෙසත්, ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථ වාහන රියදුරන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදු කර තිබේ.