ගංවතුර අවදානම අවසන්ද? මෙන්න විස්තරේ

Report

ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානම් තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ අංශය මගින් 2026.01.07 දිනයේ නිකුත් කරන ලද ගංවතුර සඳහා සූදානම් වීමේ පූර්ව දැනුම් දීම නිවේදනය මගින් දැනුම් දී ඇත.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ) ඉංජිනේරු එල්. එස්. සූරිය බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

ඉදිරි පැය 36 කාලගුණය මෙන්න

ඉදිරි පැය 36 කාලගුණය මෙන්න

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සහ ගංඟාවල ජල මට්ටම් වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන අතර, ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පුර්ව දැනුම්දීම් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවයි.

ඉදිරි පැය 24ට ජනතාව ප්‍රවේශමෙන් - කාලගුණය දරුණු වෙයි

ඉදිරි පැය 24ට ජනතාව ප්‍රවේශමෙන් - කාලගුණය දරුණු වෙයි

පසුගිය 2026.01.07 වනදා නිකුත් කර තිබූ නිවේදනය පහතින්,

Gallery