ඉදිරි පැය 24ට ජනතාව ප්‍රවේශමෙන් - කාලගුණය දරුණු වෙයි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

මීට අමතරව අනෙකුත් ප්‍රදේශවල ප.ව 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් සදහන් වේ.

ඉදිරි පැය 36 කාලගුණය මෙන්න

ඉදිරි පැය 36 කාලගුණය මෙන්න

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ - කුමරි බඹසර කඩපල්ලා කියනවා - සංඝයා කුපිත වේ

මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ - කුමරි බඹසර කඩපල්ලා කියනවා - සංඝයා කුපිත වේ

තවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කල නිවේදනය මගින් පෙන්වා දෙන්නේ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ඊට අමතරව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ඊසාන දක්වා දිශාවලින් හමා එන සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වන අතර හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 45ක් දක්වා ඉහළ යා හැකියි.

වැඩිදුරටත් හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව නිවේදනයේ සදහන් වේ.  

Instagram භාවිතා කරන ඔබ අනතුරේ? Meta වෙතින් ඉල්ලීමක්

Instagram භාවිතා කරන ඔබ අනතුරේ? Meta වෙතින් ඉල්ලීමක්