“නාඩු වී අතිරික්තයක් තිබියදී කීරි සම්බා හිඟයක් ඇති වුණේ ඇයි?” - නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න හෙළි කරයි [VIDEO]

Report

කීරි සම්බා සහල් හිඟය පාලනය කිරීම සඳහා විකල්පයක් ලෙස සහල් ආනයනය කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රට තුළ නාඩු වී අතිරික්තයක් පැවතියද, කීරි සම්බා වීවල හිඟයක් පැවති බවත්, මෙරට කීරි සම්බා පරිභෝජනය අනෙකුත් සහල් වර්ගවලට සාපේක්ෂව අඩු වුවද එම අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොතිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදි වැඩිදුරත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

''''ගරු කථානායකතුමනි, අපිට කීරි සම්බා වීවල අපට හිඟයක් තිබුණා. එතකොට කීරි සම්බා පරිභෝජනය කරන ප්‍රමාණය අපේ රටේ අනෙකුත් සහල්වලට සාපේක්ෂව අඩුයි. නමුත් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න නිෂ්පාදනයක් තිබුණේ නැහැ. අපිට නාඩු වී වල ගත්තොත් අතිරික්තයක් තිබුණා. එතකොට කීරි සම්බාවල හිඟයක් තිබුණා. ඉතින් ඔන්න ඔය තත්ත්වය තුළ, විශේෂයෙන්ම හෝටල් කර්මාන්තය, සංචාරක කර්මාන්තය පදනම් කරගෙන අපි යම් ප්‍රමාණයක් සහල් පිටරටින් ගේන්න වෙනවා. ඒ තත්ත්වය උඩ කීරි සම්බාවලට විකල්පයක් විදිහට තමයි යම් හාල් ප්‍රමාණයක් රටින් ගෙනාවේ. ඒ තත්ත්වය ඒකෙන් පාලනය වුණා. එහෙම නැතුව පොදුවේ අපිට හාල් ගෙන්න උවමනාවක් නැහැ. දැන් ඔබතුමාගේ දිස්ත්‍රික්කයම ගත්තොත් එහෙම, මම දැන් මෙතන කරුණු ඉදිරිපත් කෙරුවා. අපි වී අස්වැන්නම මේ වෙනකොට වැඩි කරගෙන තියෙනවා. අපි විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ ගොවි ජනතාව ඉදිරියට අරන් යමින් තිබෙනවා. ඒ වගේම තමයි කීරි සම්බාවලත් ඉදිරියේදී ප්‍රශ්නයක් එන්නේ නැති වෙයි කියන අදහස තමයි දැන් අපි ඉන්නේ. වී කිලෝ එකක් රුපියල් 150ක් කරනවද කියලා ඔබතුමා අහනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, දැන් ඔබතුමාලා හිටියා නම් වී කිලෝ එකක් රුපියල් 150ක් කරනවද? 150ක් කරලා ඔබතුමාලා හාල් දෙන්නේ කීයටද? මේ, මේ ප්‍රශ්නයටත් තමුන් වහන්සේලා උත්තර දෙන්න ඕනේ. ඒ නිසා අපේ සටන් පාඨය වුණේ,මන්ත්‍රතුමා වී කිලෝ එකක නිෂ්පාදන වියදමට සියයට 30ක් එකතු කරලා වී කිලෝ එකේ මිල තීරණය කරන එක. අපි ඒක කරලා තියෙනවා. ඒ නිසා ඔය 150 කතාවට මට මීට කලිනුත් මෙතන ඉඳන් උත්තර දීලා තියෙනවා. පහුගිය පොහොර තහනම් කරපු කාලයේ විපක්ෂ නායකතුමාම මෙතන ඉඳන් ප්‍රකාශ කෙරුවා. වී නිෂ්පාදනය සියයට 35%කින් අඩු වුණා කියලා. එතුමා කියපු කාරණය හරි. සියයට 35%කින් අඩු වුණා නම්,වී කිලෝ 1000ක් ගත්ත නම් ඒ එදා ගොවියෙක් කලින්, එහෙමනම් ඒ ගොවියා ගත්තේ 650යි. පොහොර මිටිය ගියා රුපියල් 5,0000ට, 4,0000ට. අන්න ඒ තත්ත්වය තුළ වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 150 පැන්නා. ඔන්න ඕක අපි කිව්වේ.''

ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරන්නේ බස්නාහිරින් සහ දකුණින් විතරද? - ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරක්

ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරන්නේ බස්නාහිරින් සහ දකුණින් විතරද? - ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරක්

වැල්ලේ සාරංගගේ ගෝලයෙකු ටී-56 එක්ක කොටුවෙයි

වැල්ලේ සාරංගගේ ගෝලයෙකු ටී-56 එක්ක කොටුවෙයි