ලෝකේ ලොකුම මුඩුක්කු ජනාවාසය විනාශ කරලා - පොලීසියෙන් ගහපු කඳුළු ගෑස් නිසා දරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මරුට

Report

ලොව විශාලතම පාවෙන මුඩුක්කු ජනාවාසය වශයෙන් සැලකෙන, නයිජීරියාවේ වාණිජ අගනගරය වන ලාගෝස් නුවර 'මකෝකෝ' ප්‍රදේශයේ පිහිටි මුඩුක්කු නිවාස, සන්නද්ධ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ බැකෝ යන්ත්‍ර යොදාගෙන විනාශ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව රාජ්‍ය නොවන සංවිධාන පවසන පරිදි මෙම ක්‍රියාව හේතුවෙන් 30,000කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වෙයි.

කෙසේ වෙතත් රජය පවසන්නේ මෙම ජනාවාසය නීති විරෝධී සහ පරිසරයට හානිකර බවයි. එමෙන්ම බලධාරීන් පෙන්වා දෙන්නේ අධිබලැති විදුලි රැහැන්වලට මීටර් 100ක් ඇතුළත ඉදිකර ඇති නිවාස අනතුරුදායක බැවින් ඒවා ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර නිසා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් ඇති බව මානව හිමිකම් සංවිධාන වාර්තා කරයි.

ගුවන් ගමන් 8,000ක් අවලංගු කර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - භයානක අනතුරු ඇඟවීමක්

ගුවන් ගමන් 8,000ක් අවලංගු කර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - භයානක අනතුරු ඇඟවීමක්

19 වන සියවසේදී ධීවර ගම්මානයක් වශයෙන් ආරම්භ වූ මකෝකෝ ජනාවාසය වසර 100කට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියයි.

එමෙන්ම ප්‍රදේශවාසීන් පවසන්නේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙම කඩා ඉවත් කිරීම් සිදු කළ බවයි.

එමෙන්ම රජය සිදු කරන ප්‍රකාශ එනම්, වසර දෙකකට පෙර මෙම ජනාවාසය ඉවත් කරන බවට මෙහි ජනතාවට දැනුම් දුන් බවත්, ඉවත් වීමට දින 14ක කාලයක් ලබා දුන් බවත් ඔවුන් ප්‍රතික්ෂේප කරයි.

එසේම විවේචකයින් සඳහන් කළේ රජයේ සැබෑ අරමුණ ආරක්ෂාව නොව, මෙම වටිනා බිම් කොටස් අත්පත් කරගෙන නවීන නිවාස ව්‍යාපෘති වෙනුවෙන් පෞද්ගලික අංශයට ලබා දීම බවයි.

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

කෙසේ වෙතත් මකෝකෝ හි ජනගහනය පිළිබඳ නිශ්චිත දත්ත නොමැති වුවද, එය 80,000 සිට 300,000 දක්වා විය හැකි බව ඇස්තමේන්තු කර ඇති බවට තවත් වාර්තාවක දැක්වේ.

එමෙන්ම ලාගෝස් නුවර ජනගහනය මිලියන 20කට අධික බව සඳහන්. ඉන් අඩක් පමණ ජීවත් වන්නේ මෙවැනි පහසුකම් අවම මුඩුක්කුවල වන අතර මෙහි පවතින අධික නිවාස හිඟය හේතුවෙන් පාලම් යට පවා කුඩා ඉඩකට වසරකට ඩොලර් 126ක පමණ කුලියක් ගෙවීමට මිනිසුන්ට සිදුව ඇත.

කෙසේ වෙතත් නිවාස අහිමි වූ බොහෝ පවුල්වලට මේ වන විට වැස්සේ තෙමෙමින් බෝට්ටු මත නිදා ගැනීමට සිදුව තිබෙන අතර ඇතැමුන් පෙන්වා දෙන්නේ ලාගෝස් නුවර ධනවත් ප්‍රදේශවල නිවාස දහස් ගණනක් හිස්ව පවතිද්දී, දුප්පත් මිනිසුන්ගේ ජනාවාස මෙසේ විනාශ කිරීම බරපතළ ගැටලුවක් බවයි.

ඉදිරි පැය 36 මේකයි වෙන්නේ - ජනතාව ප්‍රවේශමෙන්

ඉදිරි පැය 36 මේකයි වෙන්නේ - ජනතාව ප්‍රවේශමෙන්