හලාවත රෝහල ඉදිරිපිට දෙවනත් කළ එකම පවුලේ 5ක් පොලිස් කූඩුවේ
Sri Lanka Police
Hospitals in Sri Lanka
Law and Order
By Shehan
හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව,පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙක් සහ පහර දුන් බව කියන පුද්ගලයෙක් හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයෙකු පහරදුන් බව හේතුවෙන් බව පොලිසිය සඳහන් කරයි.
දැදුරුඔය,හලාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17ත් 55ත් අතර පසු වන එකම පවුලේ පිරිසක් සහ අවුරුදු 22ක පුද්ගලයෙක් මෙලෙස කළහකාරී ලෙස හැසිරී ඇති අතර කාලයක් තිස්සේ දෙපිරිස අතර පැවැති ආරවුලක් හේතුවෙන් මෙසේ පුද්ගලයෙකුට පහර දී තිබේ.
පහැ කෑමට ලක්වූ පුද්ගලයා මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කලහකාරී ලෙස හැසිරිණු සෙසු පිරිස රෝහල් ගේට්ටුවෙන් එළියට දමා ඇති බව වාර්තා වේ.
