ගැඹුරු මුහුදේ හෙරොයින් කිලෝ 150ක් - ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
By R.rishma
දිවයිනට දකුණු දෙසින් මුහුදු සැතපුම් 400ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදාව විසින් භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නාවික හමුදා මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි මෙම යාත්‍රාව අද (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
එහි තිබී රුපියල් කෝටි 400කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර, “දෙනුවන් පුතා” නම් යාත්‍රාවේ සිටි ධීවරයන් සිව්දෙනෙකුද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
උර 6ක බහාලුම්වල සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකරමින් පවතී.