ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විශේෂ දැනුවත් කිරීමක් - හේතුව මෙන්න
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතීන්ට (UNSCRs 1267 සහ 1373) අනුකූලව, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ සමූහ සංහාරක ආයුධ පැතිරවීම වැළැක්වීමේ අරමුණින් යුත් ඉලක්කගත මූල්‍ය සම්බාධක (TFS) රාමුව ඵලදායී ආකාරයට ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශයේ සහ ධීවර දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දැනුවත් කර ඇත.
ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) මඟින් අද (16) දින ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි.
එම වැඩසටහනේදී අමාත්‍යාංශයේ සහ ධීවර දෙපාර්තමේන්තුවේ අදාළ අංශවල වගකීම් සහ TFS රාමුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇත.
අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා
අඳාළ කරුණු පහතින්,
– විශේෂයෙන්ම අදාළ TFS සහ නම් කරන ලද පුද්ගලයින්ගේ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයට API පහසුකමක් සැපයීම සහ තොරතුරු තාක්ෂණ පද්ධති ඔස්සේ අවශ්‍ය පරීක්ෂාවන් සිදු කිරීම.
– බෝට්ටු ලියාපදිංචි කිරීමේ සහ හිමිකම් පැවරීමේ ක්‍රියාවලීන්හිදී අදාළ පුද්ගලයින් හෝ ආයතන නිවැරදිව හඳුනා ගැනීම සහ TFS අනුකූලතාව තහවුරු කිරීම සඳහා පවතින පරිපාලන ක්‍රියා පටිපාටිවලට අදාළ අවශ්‍යතා ඇතුළත් කිරීම.
– TFS ක්‍රියාත්මක කිරීමට අදාළ නීතිමය කාරණා මෙන්ම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව අතර පවතින අදාළ වගකීම් සාකච්ඡා කර පැහැදිලි කරගැනීම.
මීට අමතරව මෙම වැඩසටහනෙන් අදාළ අංශවල වගකීම් පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ලබා දුන් අතර, ඉදිරියේදී තොරතුරු තාක්ෂණ අංශය මූල්‍ය බුද්ධි ඒකකය සමඟ සම්බන්ධීකරණය වෙමින් යෝජිත API පහසුකම ක්‍රියාත්මක කිරීමටත්, කළමනාකරණ හා නීති අංශ විසින් අඳාළ පරිපාලනමය හා නීතිමය අවශ්‍යතා ඉටු කිරීමත් යනාදී කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇත.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.ඒ.පී.එස් නිස්සංක මහත්මිය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල මහතා, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක් විය.