මරණාසන්නයේ යැයි කටකතා පැතිරෙද්දී - ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ රහස් වීඩියෝවක් එළියට[VIDEO]

By Kanchana Aug 09, 2026 04:00 AM GMT
Report

 අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හමුවේ මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ දර්ශනයකට පෙනී නොසිටි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ පටයක් එරට රාජ්‍ය අනුග්‍රහය ලබන 'මෙහර්' (Mehr) ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රසිද්ධ කර ඇත.

 උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බවත්, ඔහු ඉදිරි දින කිහිපය තුළ මියයාමේ අවදානමක් පවතින බවත් සඳහන් කරමින් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවීමෙන් අනතුරුව මෙම වීඩියෝව නිකුත් කිරීම විශේෂත්වයක් වේ.

ස්පාඤ්ඤයේ සඳ සූර්යයා වසර 121කට පසු සම්පූර්ණයෙන් වසා ගනී - ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්

ස්පාඤ්ඤයේ සඳ සූර්යයා වසර 121කට පසු සම්පූර්ණයෙන් වසා ගනී - ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්

 තත්පර 12ක කෙටි වීඩියෝ පටයක් ලෙස මෙය නිකුත් කර තිබේ මොජ්තාබා කමේනි සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයින් සහ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වන අයුරු එහි දැක්වී ඇත.

මෙම වීඩියෝවට අනුව ඔහු ඉතා සන්සුන්ව සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නිරූපණය වී ඇත මෙම දර්ශන පටිගත කරන ලද නිශ්චිත දිනයක් හෝ වේලාවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත