ස්පාඤ්ඤයේ සඳ සූර්යයා වසර 121කට පසු සම්පූර්ණයෙන් වසා ගනී - ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්
By Malith Madushan
වසර 121කට පසුව ස්පාඤ්ඤයේ සිට පූර්ණ සූර්යග්‍රහණයක් නැරඹීමට අවස්ථාව උදාවන බව නාසා ආයතනය පවසයි. නාසා ආයතනයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 1905 වසරෙන් පසු ස්පාඤ්ඤයට දිස්වන මෙම පූර්ණ සූර්යග්‍රහණය අගෝස්තු 12 වැනිදා සිදුවීමට නියමිත බවයි.
එම සූර්යග්‍රහණය ස්පාඤ්ඤයට අමතරව ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ රුසියාවේ ඇතැම් ප්‍රදේශවලට මෙන්ම පෘතුගාලයේ කොටසකටද දැකගත හැකි වනු ඇත. පූර්ණ සූර්යග්‍රහණයකදී සඳ පෘථිවිය සහ සූර්යයා අතරට පැමිණීම හේතුවෙන් සූර්යයා සම්පූර්ණයෙන්ම ආවරණය වේ.
ඒ සමඟ දහවල් කාලයේදී පරිසරය අඳුරු වන අතර, සතුන්ගේ හැසිරීම්වල වෙනස්කම්ද නිරීක්ෂණය කළ හැකිය. මීට පෙර 2024 වසරේදී අමෙරිකාව සහ මෙක්සිකෝව ඇතුළු ප්‍රදේශවලටත්, 2021 වසරේදී ඇන්ටාක්ටිකාවටත්, 2019 වසරේදී චීලියටත් පූර්ණ සූර්යග්‍රහණ දර්ශනය වී තිබුණි.