අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවියක් සමග පොලීසියට කොටු

Report

මාලබේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවියක් සමග ඊයේ (12) දින අත්අඩංගුවට ගෙන ඇත.

ඒ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසිනි.

පොලිසිය සදහන් කළේ සැකකරු 2025.11.14 වන දින බොරැල්ල පොලිස් වසමේදී කාන්තාවකට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකරු බවයි.

සැකකරු සතුව තිබී T56 වර්ගයේ ගිනි අවියක්, පතරොම් ගැබක්, ජීව පතරොම් 10ක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 27 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි තවද සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසකට වුණ දේ

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසකට වුණ දේ