සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසකට වුණ දේ
By Kanchana
නීති විරෝධීව මෙරට මුහුදු සීමා උල්ලංගනය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අද (13) අලුයම ඩෙල්ෆ්ට් දූපත මුහුදු තීරයේදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තවද මෙම ධීවරයින් ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම ඉන්දීය ධීවරයින් දසදෙනා සහ ඔවුන්ගේ යාත්රාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට මුහුදු සීමා නීති උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මතයි.
ඒ වගේම අත්අඩංගුව ගත් එම පිරිස සහ යාත්රාව කරෙයිනගර් නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් වී තිබේ.
ඒවගේම ඔවුන් සහ ධීවර යාත්රාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය. ඉන්පසුව පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.