ඉන්දියාවේ සීග්‍රගාමී මගී දුම්රියක ගින්නක්
ඉන්දියාවේ තිරුවනන්තපුරම් සිට නවදිල්ලියේ හස්රත් නිසාමුද්දීන් බලා ධාවනය වෙමින් තිබූ ‘රාජ්ධානි එක්ස්ප්‍රස්’ සීග්‍රගාමී මගී දුම්රියක අද අලුයම 5.15 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී දුම්රිය මධ්‍ය ප්‍රාදේශ් ප්‍රාන්තයේ රත්ලම් පළාතේ වික්‍රම්ගාර් ආලොට් සහ ලුනි රිච්චා යන දුම්රිය ස්ථාන අතර ධාවනය වෙමින් තිබුණි.
මෙම ගින්න හටගෙන ඇත්තේ දුම්රියේ පළමු පංතියේ වායු සමීකරණය කරන ලද මැදිරියක් තුළ වන අතර, ඒ වනවිට එම මැදිරියේ මගීන් 68 දෙනකු සිට ඇත.
වහා ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් එම මගීන් සියලු දෙනා නිරුපද්‍රිතව මුදවා ගැනීමට සමත් වී තිබේ. දුම්රියේ පිටුපස කෙළවරට ආසන්නයේ තිබූ මෙම මැදිරියෙන් හටගත් ගින්න හේතුවෙන් ඊට පිටුපසින් වූ ගමන් මලු මැදිරියට සහ දුම්රිය නියාමකවරයාගේ මැදිරියට ද දැඩි හානි සිදුව ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව දුම්රිය බලධාරීන් සඳහන් කරයි.
මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර අවන්ති එක්ස්ප්‍රස්, මුම්බායි සෙන්ට්‍රල්-දුරොන්තෝ එක්ස්ප්‍රස් ඇතුළු තවත් දුම්රිය 18 ක් පමණ ප්‍රමාද වී ධාවනය වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.