ගම්පොළ නිවසක් ලේ විලක් වෙයි - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Report

ගම්පොළ කීරපනේ ප්‍රදේශයේ නිවෙසක් තුළදී තියුණු ආයුධයකින් පහරදීම නිසා පුද්ගලයෙකු ඊයේ (28) දින මිය ගොස් ඇති බව ගම්පොළ පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව ලද පණිවිඩයකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් තුවාලකරු වහාම ගම්පොළ රෝහල වෙත ඇතුළත් කළත්, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලිසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කීරපනේ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක් බව සඳහන්.

පැය 72 ක් ඇතුළත ඉරාකය සුන්නද්දූලි කරයි - පළියට පළිය ගන්න අමෙරිකාවෙන් සහ සවුදි අරාබියෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්

පැය 72 ක් ඇතුළත ඉරාකය සුන්නද්දූලි කරයි - පළියට පළිය ගන්න අමෙරිකාවෙන් සහ සවුදි අරාබියෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්

එමෙන්ම පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මරණකරු සහ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා (බෑනා) අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, සහෝදරියගේ පුත්‍රයා විසින් මන්නා පිහියකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබෙන බවයි.

මේ අතර අපරාධය සම්බන්ධයෙන් වයස අවුරුදු 43 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ගම්පොළ පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

දෙවිනුවර පෙරහැරට තවත් කොඩිවිනයක් - උණුසුම් තත්ත්වයක් සමඟ පෙරහැරේ අලි කුලප්පු කරලා මහා විනාසයකට සැලසුමක් හදලා

දෙවිනුවර පෙරහැරට තවත් කොඩිවිනයක් - උණුසුම් තත්ත්වයක් සමඟ පෙරහැරේ අලි කුලප්පු කරලා මහා විනාසයකට සැලසුමක් හදලා

''මේක නාට්‍යයක් නෙමෙයි, බොරුවක් නෙමෙයි" - Mr. Koththu හිමිකරු තමන්ගේ තවත් කෝටි ගාණක් වටින දේපළත් විකුණයි

''මේක නාට්‍යයක් නෙමෙයි, බොරුවක් නෙමෙයි" - Mr. Koththu හිමිකරු තමන්ගේ තවත් කෝටි ගාණක් වටින දේපළත් විකුණයි