නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 1.44 කින් හෙවත් 1.32% කින් ඉහළ ගොස් ඩොලර් 110.70 ලෙස සටහන් වී ඇති අතර, මෙය මැයි 5 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය වෙයි.
එමෙන්ම WTI තෙල් මිල ද මැයි 4 වැනිදායින් පසු එහි ඉහළම මට්ටමට පැමිණ ඇති අතර එහි බැරලයක් ඩොලර් 1.84 කින් හෙවත් 1.75% කින් ඉහළ ගොස් ඩොලර් 107.26ක් ලෙස සටහන්ව තිබේ.
ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් ඇණහිට තිබීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල වීම යන කාරණා හේතුවෙන් මෙසේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇත.
මීට අමතරව හෝමුස් සමුද්‍ර සන්ධිය අවට සිදුවන නැව්වලට ප්‍රහාර එල්ල කිරීම් සහ නැව් අත්අඩංගුවට ගැනීම් අවසන් කෙරෙන සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටීමත් සමඟ පසුගිය සතියේදී මෙම තෙල් මිල දර්ශක දෙකම 7% කට වඩා ඉහළ ගොස් තිබුණි.