අදත් කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවලට දරුණු වැසි

By Mithu May 18, 2026 12:45 AM GMT
Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - අමාත්‍යාංශ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - අමාත්‍යාංශ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

විජේගේ මහ ඇමති පට්ටම ගැලවෙයිද? හොර ඡන්දය ප්‍රකාශයක් වාර්තා වෙලා

විජේගේ මහ ඇමති පට්ටම ගැලවෙයිද? හොර ඡන්දය ප්‍රකාශයක් වාර්තා වෙලා