රෝහල්වලට රතු එළියක් - FBC පරීක්ෂණයට පාලන මිල ඉක්මවා මුදල් ගත්තොත් වෙන දේ මෙන්න
පූර්ණ රුධිර ගණන පරීක්ෂණයක් වෙනුවෙන් පාලන මිල ඉක්මවා මුදලක් අයකළ වව්නියාව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් නියම කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී පූර්ණ රුධිර ගණන පරීක්ෂණයක් සඳහා පාලන මිල ඉක්මවා මුදල් අයකර ඇති බවට හෙළි වූ බව එම අධිකාරිය පවසයි.
එබැවින් එම පෞද්ගලික රෝහලට එරෙහිව වව්නියාව දිස්ත්‍රික් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව සඳහන්.
එහිදී අධිකරණය මඟින් අදාළ පෞද්ගලික රෝහලට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් නියම කර ඇත.