හැටන් ඇරෝල්වත්ත රක්ෂිතයේ ගින්නක්
හැටන් පොලිස් වසමට අයත් ඇරෝල්වත්ත වතුයායේ ඉලුක් සහිත රක්ෂිත ප්‍රදේශයේ අද (18) දින හදිසි ගින්නක් හටගෙන තිබේ.
එහිදී පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ ගින්න වේගයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කරයි.
එමෙන්ම, මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සතුන් දඩයම් කිරීමේ අරමුණින් හෝ විනෝදාස්වාදය සඳහා කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට ප්‍රදේශවාසීහු සැක පළ කරයි.