මොඩියුලයේ අසභ්‍ය අඩවිය ගැන සෝදුපත් බලන හයකගෙන් ප‍්‍රශ්ණ කරයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අයථා වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මේ වන විට අවසන් අදියරට එළඹ තිබේ.
මෙම සිදුවීමට අදාළව දැනටමත් ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් නිලධාරීන් මෙන්ම සෝදුපත් කියවීමේ අංශයේ නිලධාරීන් ඇතුළු හය දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇති බවට වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව ද ලබන සතියේදී අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීමට නියමිතය. මීට අමතරව දැනට මුද්‍රණය කර ඇති සියලුම විෂය මොඩියුලයන්හි අන්තර්ගතය පිළිබඳව විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර ඇති බවට සඳහන් වේ.
විද්වත් මණ්ඩලයක උපදෙස් මත සියලු මොඩියුලයන් යළි සමාලෝචනයට භාජනය කෙරේ. පසුගිය 15 වනදා ජාතික අධ්‍යාපන ආයතනයේ බලධාරීන් රැස්වී මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබේ.
පද්ධතිය තුළ සිදුවූ මෙම බරපතළ වරද නිවැරදි කරමින්, ඉදිරියේදී මෙවැනි දෝෂ අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය වෙමින් පවතී. එමෙන්ම අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නොනවත්වා ඉදිරියට ක්‍රියාත්මක වේ.