20ක් රෝහලට යැවූ, පිටකොටුවේ ඇවිලී ගිය ගින්නට හේතුව හෙළි වෙයි.
ඊයේ (27) පෙරවරු 09.30ට පමණ පිටකොටුව දෙවැනි හරස්වීදියේ සයමහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇති විය.
මෙලෙස ගිනිගෙන ඇත්තේ රෙදිපිළි අලෙවිසලක් ය.
මෙම ගින්න වෙළෙඳසල විවෘත කර මඳ වේලාවක් තුළ හටගෙන ඇති අතර කඩිනමින් ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් ගින්න පාලනය සඳහා පියවර ගනු ලැබීය.
ඒ ගිනි නිවීමේ රථ 11ක් සහ නිලධාරීන් 45 දෙනෙකුගේ සහාය සමගින් ය.
එහිදී ගොඩනැගිල්ල තුළ සිර වූ සේවකයන් ඇතුළු පිරිස් මුදා ගත් අතර පිළිස්සුම් තුවාල සහ ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයන් 20 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේ ය.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පැය දෙකකට ආසන්න කාලයක් තුළ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට සමත් විය.
කෙසේ වෙතත්, පොලිසිය විසින් ඊයේ පස්වරුව වන විට ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නට හේතුව අනාවරණ කරගැනීමට සමත් විය.
එහිදී අණාවරනය වී ඇත්තේ ඊයේ උදෑසන වෙළෙඳසල විවෘතකර දුම් ඇල්ලීමේ දී ඩීසල් බහාලුමක් ගිනිගෙන එය විදුලි ජනන යන්ත්‍රය දක්වා ව්‍යාප්ත වීමෙන් ගින්න හටගෙන ඇති බවයි.
