පිටකොටුවේ ගොඩනැගිල්ලක විශාල ගින්නක්

Report

පිටකොටුව 3 වන හරස් වීදියේ ගොඩනැගිල්ලක 3 වන මහලේ අංක 39, විදුලි උපාංග අලෙවි සැලේ ගින්නක් හටගෙන ඇත.

ගිනි නිවන හමුදාව පැවසුවේ ගින්න නිවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සඳහා ගිනි නිවන රථ 12ක් යොදවා ඇති බවයි.

මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා ට්‍රක් රථ 2ක්ද මේ වන විට යොමු කර ඇති බවය.

එමෙන්ම අවශ්‍ය වුවහොත් බෙල් 212 ගුවන් යානයද ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට සූදානම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

GalleryGalleryGalleryGallery