ලොව ලාබාලතම, රූමත් අග්‍රාමාත්‍යවරිය Instagram ගිණුමේ හදිසියේම සටහනක් තබමින් දික්කසාද වෙලා.. (PHOTOS)
By krishani
ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Sanna Marin සිය විවාහයෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ ඇයගේ සිය Instagram ගිණුමේ සටහනක් තබමින් ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වන Markus Räikkönen සමග ඇය 2020 වසරේ දී විවාහ දිවියට පිවිස ඇති බවයි.
ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය දියණියකගේ මවක් වන අතර සිය සැමියාගෙන් දික්කසාද වුව ද මව්පියන් සහ මිතුරන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බව ඇය සඳහන් කර තිබෙනවා.
මේ අතර, 2019 වසරේ දී ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ 37 හැවිරිදි වියේ පසු වන Sanna Marin ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස ඇය ඉතිහාස ගත වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




