දරුවෙක් ඉපදුණාම තාත්තට පඩි සහිත නිවාඩු දෙන මේ වගේ රටකට යන්න ආසද?
මොන දේ කරලා හරි මිනිස්සු හොයන්නේ සතුට. එක එක විදිහට සතුටු වන විවිධ පුද්ගලයන් ඉන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද ලෝක සතුටු දර්ශකයේ පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානය හිමිකම් කියන්නේ ෆින්ලන්තයයි. ඒ අතින් බලද්දී අපි ඉන්නේ, ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඉන්නේ 130වෙනි තැන.
ඇත්තටම එයාලා කොහොමද එච්චර සතුටින් ඉන්නේ.
? ෆින්තලන්තයේ ජනතාව වැඩියෙන්ම ඉන්නේ එලිමහනේ. රටේ පිරිසිදු වාතයක් සහිත පරිසරයක් තියෙනවා.රටේ වනාන්තර ප්‍රතිශතය 73%ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනූව ෆින්ලන්තය පිරිසිදුම වාතය තියෙන රටවලින් එකක්. නිතර ස්වාභාවික පරිසරය එක්ක ගණදෙනු කරන නිසා වැසියන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලයි වගේම මානසික ආතතියත් අඩුයි. ඒවගේම ස්වාභාවික පරිසරය ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක්.
? ලෝකයේ ප්‍රසිද්ධ විල් දහසේ රට කියලා හඳුන්වන්නේ ෆින්ලන්තයයි. රටේ තියෙන විල් ගණන 187000කට වඩා වැඩියි. ජලාශවල ජලය කෙලින්ම බීමට ගන්න පුළුවන්. මේ නිසාම ඕනම වෙළඳසැලකින් නොමිලේම බෝතල් කරපු වතුර ගන්න පුළුවන්.
? හැම දරුවකුටම මේ දීමනාව ලැබෙනවා. පවුලක පළවෙනි දරුවට යුරෝ 100කුත් අනිත් දරුවන්ට වැඩි ගාණකුත් රජය ලබාදෙනවා. තව පාසල් උපකරණ, සෙල්ලම් බඩු, සනීපාරක්ෂක දාව්‍යය රජය නොමිලේ නිවසටම ගෙනත් දෙනවා. මේ නිසා දරුවෝ නිවසේ ආර්ථිකයට බරක් නෙවෙයි.
? පොලිසිය සම්පූර්ණයෙන්ම ස්වාධීන ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වංචා,දූෂණ අවමයි. සමීක්ෂණයටකට අනූව ජනතාවගෙන් 90%ක් පොලිසිය විස්වාස කරනවා. මේ හින්දම අපරාධ අවම මට්ටමේ තියෙනවා .
? රටේ හැමකෙනෙක්ම වගේ කිසියම් හෝ ක්‍රීඩාවක් කරනවා. අන්තර්ජාතික ක්‍රීඩා වගේම දේශීය ක්‍රීඩාත් තියෙනවා.
? මෙරට අන්තර්ජාලය භාවිතය අයිතියක් බවට පත් කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්න 2010 දී. ඒ ඒ අයිතිය ලබාදුන්නු පළමු රට විදිහට.තම ප්‍රදේශයට internet coverage එකක් නැත්නම් පැමිණිලි කරන්න පුළුවන් වගේම අන්තර්ජාල වේගය අඩුවුනොත් වන්දි ඉල්ලන්නත් පුළුවන්.
? මේක අම්මලාටත් වඩා තාත්තලා දරුවෝ ගැන බලන රටක්. දරුවෙක් ඉපදුණාම තාත්තට පඩි සහිත සති 9ක නිවාඩුවක් ලැබෙනවා.තව දරුවොත් එක්ක කාලය ගතකරන්න දිරිමත්කරන වැඩසටහනුත් ක්‍රියාමකයි.දරුවා එලිමහන් ක්‍රියාකාරකම්වලට හුරුකිරීම,පොදු ස්ථානවලදී හදුන්වා දීම සංස්කෘතියේම කොටසක්.
? මෙය වැඩියෙන්ම පොත් කියවන රටක්. ෆින්ලන්ත වැසියන්ගෙන් 70%කටත් වඩා තම ප්‍රදේශයේ පුස්තකාලයේ සක්‍රීය සාමාජිකයින්.පොත් මුදාණ ගාස්තු ඉතා අඩුයි වගේම පුස්තකාල පහසුකම් රජයෙන් සපයනවා.
? ෆින්ලන්තය ලොව හොඳම අධ්‍යාපනය සහිත රට අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ වගේම ලොව හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් ෆින්ලන්තයේ.පොත්පත්,පාසල් උපකරණ,ක්‍රීඩා භාණ්ඩ නොමිලේ සපයනවා වගේම අසහනකාරී විභාගත් නෑ.තව ටියුෂන් නෑ වගේම ෆින්ලන්ත දරුවෝ ලොව අඩුම මානසික පීඩයක් සහිත දරුවෝ.
? සිසු (SISU)..මේක ෆින්ලන්තයටම අවේනික ක්‍රමයක්. මේකෙන් ඕනම තත්වයක්ට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)