මෙරට ප්‍රධාන ෆිනෑන්ස් ආයතනයක විශාල මූල්‍ය වංචාවක් හෙළිවෙයි..ගිණුම් හිමියන්ගේ සල්ලි වලට වුනදේ බලන්න..

Central Bank of Sri Lanka CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Businessman
By Aruna Jul 19, 2024 12:29 AM GMT
Aruna

Aruna

Report

මෙරට ප්‍රධාන පෙළේ ෆිනෑන්ස් ආයතනයක පිරිසක් එහි තිබූ රුපියල් කෝටි 5 කට අධික මුදලක් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඊයේ (18) දන්වා සිටියා.

එම ෆිනෑන්ස් ආයතනයේ තිබූ පන්කෝටි තිස්දෙලක්ෂයක (5,32,00,000) මුදලක් දත්ත පද්ධතියට ස්වයංක්‍රීයව අනවසරයෙන් ඇතුළු වූ පිරිස විසින් මූල්‍ය ආයතන හා බැංකු ගිණුම් 100 කට පමණ බැර කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා ඇත්තේ, අදාළ ෆිනෑන්ස් ආයතනය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අවදානම් හා අනුකූලතා) තිසල් මහිත් රාජන් වීන්සිටි විසින් ඉකුත් ජූනි 26 වැනිදා කළ පැමිණිල්ලක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


2024 ජූනි 23 වැනිදා සිට ජූනි 26 වැනිදා දක්වා කාලය තුළ සැක සහිත මුදල් හුවමාරු කිරීම් කිහිපයක් සිදුවී ඇති බව සඳහන් කරමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බවත්, ඒ පිළිබඳව විමර්ශනය කිරීමේදී අදාළ මුදල් විවිධ ගිණුම්වලට බැරවී තිබූ බවත් අනාවරණය වූයේ යැයිද පොලිසිය දන්වා සිටියා.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ, එලෙස හුවමාරු වූ මුදල්වලින් රුපියල් ලක්ෂ 6 කට අධික මුදලක් ගිණුම්වල බැරවීමේ සිද්ධියකට අදාළව මෙගොඩ කොලොන්නාව, වැල්ලම්පිටිය පදිංචි සාවුල් හමීඩ් සහබ්ඩීන් නමැති සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශනයට අදාළව බැංකු ගිණුම් 123 ක් පරීක්ෂා කිරීමට ද අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

මේ අතර, සැකකරු අගෝස්තු 01 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළ අධිකරණය බැංකු ගිණුම් වාර්තා ලබාදෙන ලෙස අදාළ බැංකුවල කළමනාකරුවන්ට නියම කර ඇත.

ReeCha