අන්තිමේදී ලාංකිකයන්ට ඊශ‍්‍රායලයෙන් පිටවෙන්න විදිහක් කියයි

Report

තානාපති කාර්යාලය මඟින් පවතින තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ සිට ඊජිප්තුව හරහා මෙරටට ඒමට අපේක්ෂා කරන ශ්‍රී ලංකිකයීන්ට අදාළ දේශසීමාවට ඉදිරිපත් කිරීමට සහතික කරන ලද ලිපියක් ලබා දිමට පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා

අඳාළ ලිපි අවශ්‍ය ශ්‍රී ලාංකිකයන් විසින් සිය ගුවන් ගමන් බලපත්‍රය සහ විසා බලපත්‍රය ද රැගෙන තානාපති කාර්යාලයට පැමිණෙන ලෙසට දැනුවත් කර ඇත.

ඒ අනුව ඊශ්‍රායලයේ වලංගු විසා සහිත ශ්‍රී ලාංකිකයන්ට ඊජිප්තුව හරහා ගමන් කිරීමට පැය 96ක විසා බලපත්‍රයක් ලබා දෙනු ලබන බව සඳහන්.

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

එමෙන්ම ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50ක් අය කෙරෙන බව ද වාර්තා වේ.

ඊට අමතරව දේශසීමා ගාස්තු වශයෙන් ශේකල් 120/- අය කෙරෙන බව ද පවසයි.

තවද විසා නොමැති පිරිස වෙනුවෙන් ද අවශ්‍ය ලිපි නිකුත් කරන බවට වාර්තා වේ.

හැමෝම බලන් හිටපු උපාධිය ගේන්න රන්වල පයින්ම ජපානෙට, බොරු බයිලා නෑ ගේනවා කිව්වොත් ගේනවා

හැමෝම බලන් හිටපු උපාධිය ගේන්න රන්වල පයින්ම ජපානෙට, බොරු බයිලා නෑ ගේනවා කිව්වොත් ගේනවා