FIFA රුසියාව තහනම් කරයි..!
football
Russian
FIFA
Ukrain
By Sewvandhi
රුසියාව තුළ ජාත්‍යන්තර පාපන්දු තරග නොපැවැත්වීමට ත්, පාපන්දු තරගවලදී රුසියානු ජාතික කොඩිය සහ ජාතීක ගීය භාවිත නොකිරීමට ත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රුසියාව තරග කරන ඉදිරි තරග සියල්ල වෙනත් රටක පැවැත්වීමට ද තීරණය කර ඇත.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තීරණයට එළඹ ඇත්තේ, එංගලන්තය, පෝලන්තය, ස්වීඩනය සහ චෙක් ජනරජය රුසියාව සමග පාපන්දු තරගවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක් තුළ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
