හදිසි උණ රෝගයක් හේතුවෙන් මෙරට ප්‍රධාන රෝහලක සිව් දෙනෙකු මියයයි..දැඩි අවධානමෙන් ඉන්න.(VIDEO).

Report

හදිසි උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් සිව් දෙනෙකු දින දෙකක් තුළ මියගොස් තිබෙන බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව යාපනය රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති මහතා කියා සිටියා.

වෙලාවට වැඩ කරන්න අගමැති හරිනිට චීන්නු උගන්වයි..උත්සවයකදී සිදු වූ දේ මෙන්න.

වෙලාවට වැඩ කරන්න අගමැති හරිනිට චීන්නු උගන්වයි..උත්සවයකදී සිදු වූ දේ මෙන්න.


මෙලෙස වයස අවුරුදු 42ක් වන යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, 32 හැවිරිදි නාවට්කුලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ 28 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අනෙක් පුද්ගලයා යාපනය - වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද වාර්තා වේ.

උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ හේතුවෙන් මොවුන් රෝහල්ගත කර තිබුණා.

ලංකාවට ලක්ෂ 2 හමාරට ආපු කාර් වලට සිදුවූ දේ..එක වාහනයක් ගත්තොත් වාහන 03ක් ගත්ත වගේ(PHOTOS)

ලංකාවට ලක්ෂ 2 හමාරට ආපු කාර් වලට සිදුවූ දේ..එක වාහනයක් ගත්තොත් වාහන 03ක් ගත්ත වගේ(PHOTOS)


මේ වන විට ඔවුන්ගේ ශරීර කොටස් වැඩිදුර විමර්ශන සදහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇත.

මෙය මී උණ හෝ වෙනත් වෛරස් තත්ත්වයක් විය හැකි බවට වෛද්‍යවරු සැකපල කරයි.

You May Like This Video