මේ දිනවල පැතිර යන රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක් මෙන්න..

Report

මේ දිනවල ළමයින් අතර උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වී තිබෙනවා.

මේ දිනවල පැතිර යන රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක් මෙන්න.. | Fever Cough And Cold Among Children

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක් නිරීකෂණය වන බවයි.

ඒ මහතා පැවසුවේ ඇතැම් සීතල රටවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණයක් ලබා දෙන බවත් එම ඖෂධ අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, ගර්භණී මාතාවන්, ශ්වසන රෝග නිදන්ගතව පවතින පුද්ගලයන්ට වශයෙනුත් ලබා දෙන බවයි.

මෙම ඖෂධ ප්‍රතිශක්තීකරණය අඩු අයට තරමක් අවධානම විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.

මුඛ ආවරණයක් පැළදීමෙන් ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වළක්වා ගත හැකි බව ද රෝග ලක්ෂණ ඇති දරුවන් පාසලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට නොයවන ලෙස ඔහු පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම, මෙම රෝගය පහසුවෙන්ම කෙනෙකුට බෝවිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ ය.

අනේ අම්මපා මෙහෙමත්.. - ක්ලබ් වසන්තගෙ බිරිඳට යැව්වා කියන මල් වඩම ගැන ඇත්ත නැත්ත එළියට..

අනේ අම්මපා මෙහෙමත්.. - ක්ලබ් වසන්තගෙ බිරිඳට යැව්වා කියන මල් වඩම ගැන ඇත්ත නැත්ත එළියට..


මෙම රෝගය පිළිබඳ දැනගතහොත් පැරසිටමෝල් මාත්‍රාව ලබාදීම සුදුසු යැයි ද ලා උණු වතුරෙන් ඇග සෝදා උණ අඩුකර ගැනීමට ක්‍රියා කිරීම සුදුසු බව සඳහන් වේ.

තව ද, මෙම රෝගී දරුවන්ට විවේකය ලබාදීම වැදගත් වන අතර ස්වභාවික දියර ආහාර ලබාදෙන ලෙස දැනුම් දෙයි.

කෙසේ වෙතත්, මෙම රෝගය වැලඳීමෙන් පසුව ළමයින්ට ටික කලක් කැස්ස පැවතිය හැකි අතර ළමා හතිය වැඩිවිය හැකි බව ද සඳහන් වේ.