ජිවිත බිලිගත් මාරක අනතුර

By Hashini Apr 06, 2025 10:26 AM GMT
Report

ඊයේ පස්වරුවේ මහබාගේ පොලිස් වසමට අයත් වැලිසර ප්‍රදේශයේදී මෝටර් රථයක් නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි දරුවන් තිදෙනෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් දරුවෙක් මියගොස් ඇති බවයි.

රජයේ රෝහල් ඩිජිටල්කරණය කිරීමට සැලැස්මක්.

රජයේ රෝහල් ඩිජිටල්කරණය කිරීමට සැලැස්මක්.

වයස අවුරුදු 05ක දැරියක් මෙම අනතුරින් මියගොස් ඇති අතර අනෙක් දරුවන් දෙදෙනා බරපතල තත්ත්වයේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වනවා.

මෝටර් රථ රියදුරු යතුරුපදිකරුවෙකු පිටුපස හැප්පීම සඳහා හඹා යන අවස්ථාවේදී නිවසක් ඉදිරිපිට සිටි දරුවන් තිදෙනාගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලිසිය සඳහා කලේ අනතුර සිදු කල මෝටර් රථයේ රියදුරු රථය එම ස්ථානයේ දමා පලාගොස්  ඇති බවයි.

පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.  

සජිත්ගෙන් මෝදිට විශේෂ ඡායාරූපයක්

සජිත්ගෙන් මෝදිට විශේෂ ඡායාරූපයක්