රජයේ රෝහල් ඩිජිටල්කරණය කිරීමට සැලැස්මක්.

Hospitals in Sri Lanka Nalinda Jayatissa Sinhala news
By Hashini Apr 06, 2025 09:45 AM GMT
Hashini

Hashini

Report

මෙරට පවතින රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කර ජනතාවට කෙටි කාලයක් තුල ගුණාත්මක හා කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට පියවර ගන්න බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

වත්මන් රජයේ අරමුණ වී ඇත්තේ රෝගිභාවයට පත්වන පුරවැසියාට ලබා දිය හැකි ඉහලම සත්කාර, පිළිගනිම, රෝහල තුලින් ලබා දීම මෙන්ම පුරවැසියාට සුවපහසු සමීප තැනක් බවට රෝහල පත් කිරීම බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට කැඳවීමක්.

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට කැඳවීමක්.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීම සහ රෝහල් රසායනාගයරේ පටක විද්‍යා අච්ශය ප්‍රමිතිකරණය ලබා ගැනීම වෙනුවෙන් පවතී උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ සමස්ත රාජ්‍ය සේවාව ම ඩිජිටල්කරණයට ලක් කර මහජනතාවට ඉතා පහසු කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුව බවයි.

එසේම ලක්ෂ එකහමාරක් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තොරතුරු ඇතුළු මානව සම්පත් කළමනාකරණය කර ගැනීමට තාක්ෂනය යොදා ගැනීම , ඖෂධ සැපයුම් ජාලය තාක්ෂනය සමග විධිමත් කිරීම පිළිබඳව පුර්ණ අවධානය යොමු කරමින් ඩිජිටල්කරණයට ලක් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවා. 

තීරු බදු හේතුවෙන් I Phone මිලත් ඉහළට

තීරු බදු හේතුවෙන් I Phone මිලත් ඉහළට

ReeCha