ඡායාරූපයකට ජීවිතය බිලි දුන් එංගලන්ත ජාතිකයා – තල්පිටිය පාලමේ මාරක අනතුර

Report

පිංවත්ත පොලිස් වසමේ තල්පිටිය පාලම මතදී ඊයේ (09) සිදුවූ දුම්රිය අනතුරකදී පුද්ගලයින් සිව් දෙනෙකු ගැටී එක් විදේශිකයෙකු මිය ගොස් තිබේ.

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියකට මෙම පුද්ගලයින් සිව් දෙනා ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 87ක එංගලන්ත ජාතිකයෙකු වන අතර, අනතුරට ලක්වූ අය අතර විදේශික යුවලක්, ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවෙකු ද සිටිති.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම පිරිස දුම්රිය මාර්ගයේ සිට ඡායාරූප ගැනීම සඳහා සිටියදී දුම්රිය ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.

තුවාල ලැබූ අය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, පිංවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා දුම්රිය මාර්ගයේ හෝ පාලම් මත සිට ඡායාරූප ගැනීමෙන් වැළකී සිටීමට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

යුද්දය ඉවර වෙන්නැද්ද? ට්‍රම්ප්ට ඉරානයෙන් තියුණු ප්‍රතිචාරය

යුද්දය ඉවර වෙන්නැද්ද? ට්‍රම්ප්ට ඉරානයෙන් තියුණු ප්‍රතිචාරය

වැඩි වූ මහපොළ දීමනාව අද ගිණුම්වලට

වැඩි වූ මහපොළ දීමනාව අද ගිණුම්වලට