වැඩි වූ මහපොළ දීමනාව අද ගිණුම්වලට
2026 අයවැය යෝජනා අනුව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දෙන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇති අතර, මෙම වැඩිදියුණුව ජනවාරි මාසයේ සිට බලාත්මක වී තිබේ.
ඒ අනුව, 2026 ජනවාරි මාසය සඳහා අදාළ රුපියල් 10,000ක ශිෂ්‍යත්ව දීමනාව අද (10) සිට අදාළ සිසුන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මහපොළ භාර අරමුදල තහවුරු කර ඇත.
මෙම වැඩිදියුණුව 2025 අප්‍රේල් සිට ජනවාරි 2026 දක්වා කාලය තුළ රුපියල් 2,500 බැගින් දෙවරක් සිදු වූ අතර, එමගින් වත්මන් රජය යටතේ මහපොළ දීමනාව දෙගුණයකට ආසන්නව ඉහළ නංවා ඇත.
මෙය ජීවන වියදම් ඉහළ යාම හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ආර්ථික බර අඩු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති පියවරකි.
මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් භාණ්ඩාගාරය, මහපොළ භාර අරමුදල සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව සිදු කරයි.