ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට

Report

විශ්ව විද්‍යාලයට යන සිසුවාට අවුරුදු ගණනාවක් කාලය ගත කර නියමිත කාල සීමාවටත් වැඩි කාලසීමාවක් සිය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා යොමු කිරීමට සිදුව තිබේ.

ඒ අනුව උපාධි පාඨමාලා ප්‍රමාද වීම ඇතුළු විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටළු රැසක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව, උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩි කිරීම සහ ඒවා කාලසීමාවන් තුළ සම්පූර්ණ කිරීමට අවශ්‍ය සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, පසුගිය කාලයේ විවිධ හේතු නිසා විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රමාද වීම, නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වීම, සහ එමඟින් විශ්වවිද්‍යාල පද්ධතියේ මතුවූ ගැටලු හා ආචාර්යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව FUTA නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

ජනාධිපතිවරයා එහිදී පැවසූයේ, උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් ඒවා හැකි ඉක්මනින් අවසන් කිරීම, එකතු වී ඇති කාර්ය කාර්යක්ෂමව ඉටු කිරීම, සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වර්ධනය කිරීම සඳහා විශේෂ සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙසය.

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පහසුකම් රජය මගින් සලසා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී තහවුරු කළා.  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම, ඔවුන් විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීම, සහ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම අවස්ථාවේදී අවධානය යොමු විය.

සුරාබදු ලොක්කාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් නිලධාරීන් කුපිත වේ - දැඩි විරෝධයක්

සුරාබදු ලොක්කාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් නිලධාරීන් කුපිත වේ - දැඩි විරෝධයක්

මෙම හමුවට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය පී.ආර්. වීරතුංග, ලේකම් චාරුදත්ත ඉලංගසිංහ ඇතුළු නියෝජිතයන් පිරිසක්ද සහභාගී වූහ.

මේ වාහනවලට සුබ ආරංචියක් - රජයෙන් කරන්න යන දේ මෙන්න

මේ වාහනවලට සුබ ආරංචියක් - රජයෙන් කරන්න යන දේ මෙන්න