මුලින් කියපු කතා දැන් නෑ ගොවින්ට සහන දුන්නොත් IMF කොන්දේසි වලට බාධාවක්ලු

Agriculture Water And Action For Rural Development Sri Lanka Politician Ministry of Agriculture Sinhala news
By Mithu Jul 26, 2025 03:12 AM GMT
Mithu

Mithu

Report

නව රජය බලයට පත්වීමට පෙර ගොවි ජනතාවට විශාල සහනදායී සේවාවන් රැසක් ලබා දෙන බවට තම පොරොන්දු පත්‍රිකාවල සඳහන් කර තිබුණි.නමුත් ආණ්ඩුව දැන් කියන්නේ ඊටත් වඩා වෙනස් කතාවක්.

ඒ අනුව ගොවියාට සහන ලබාදීමේ රජයේ ඇතැම් යෝජනා වලට IMF කොන්දේසි බාධාවක් බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පවසයි.

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

ශ්‍රී ලංකා ජාතික ගොවි බල මණ්ඩලය සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදී මෙම අදහස පළ කළ අමාත්‍යවරයා IMF කොන්දේසි මත ඇති මෙම හිර වීම 2028 තෙක් ඇති නමුත් ගොවින් මුහුණපා ඇති ගැටලු වලට ක්‍රමානුකූලව විසඳුම් ලබා දීමට රජය සැලසුම් කර ඇති බවද තවදුරටත් පැවැසීය.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවි ගැටලුව සහ මිල පහත වැටීම පිළිබඳව පිළියමක් ලෙස වගා කටයුතු සැලැස්මකට අනුව සිදු කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බවද පැවැසූ නි. ඇමැතිවරයා ආර්ථික මධ්‍යස්ථාන වලදී ගොවීන් සූරාකෑමකට ලක්වන බවත් මෙම සුරාකෑමට තිත තැබීමට රජය ස්ථිරසාර වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පැවැසීය.

ගොවියාගේ ජල ප්‍රශ්නය විසදීම සඳහා රුපියල් මිලියන 78,000ක් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ජාතික ගොවි බල මණ්ඩලයේ සභාපති කේ. කේ. ජී. තිලක් බණ්ඩාර, ලේකම් කරුණාදාස පයගේ යන මහත්වරුන් සමඟ ද්‍රිස්ත්‍රික් ගොවි සංවිධාන සභාපතිවරු එක්ව සිටියහ.

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

ReeCha