සුබ ආරංචියක් - අද ඉඳන් මේ අයට රු.මි. 50ක් දක්වා ණය දෙනවා

Report

 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් අද (01) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින්. ඒ අනුව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො. 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති බවයි.

එසේම අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය නිකුත් කරන ලද බල පත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බව පෙන්වා දෙයි.

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අඳාළ ණය යෝජනා ක්‍රමය යටතේ, ඔවුන්ට සියයට 7ක වාර්ෂික පොළී අනුපාතයකට රු.මි. 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි බවත්, අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් ය.

මේ අතර මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා 2025/26 මහ කන්නය සඳහා නිදහස් කිරීමට අපේක්ෂා කරන මුළු ණය ප්‍රමාණය රු.මි. 10,000ක් පමණ වන අතර, ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

පාසල් සිසුන්ට අලුත් අවුරුද්දෙ ඇහෙන සුබ පණිවිඩය මෙන්න

පාසල් සිසුන්ට අලුත් අවුරුද්දෙ ඇහෙන සුබ පණිවිඩය මෙන්න

අලුත් අවුරුදු සුබ පැතුම් එක්කම රන් මිල පහළට

අලුත් අවුරුදු සුබ පැතුම් එක්කම රන් මිල පහළට