අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට
මෙරට කැසිනෝ ව්‍යාපාරිකයන් සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සඳහා අදාළ වන බදු සංශෝධනයන් 2026 ජනවාරි 01 වැනිදා එනම් අද සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ (31) දින නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, මෙම නව සංශෝධන යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක බදු ඉහළ දමා ඇති බව වාර්තා විය.
එසේම මෙතෙක් පැවති ඩොලර් 50ක ඇතුල්වීමේ ගාස්තුව ඩොලර් 100 දක්වා දෙගුණ කර ඇත.
එබැවින් කැසිනෝ ශාලාවකට ඇතුළු වන සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගෙන්ම මෙම ගාස්තුව අය කරගෙන රජයට ගෙවීමට අදාළ ව්‍යාපාරිකයන් බැඳී සිටින බවද එහි සඳහන් වේ.
අඳාළ මුදල ඩොලර්වලින් හෝ ඊට සමාන විදේශ විනිමය හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවිය හැක.
එමෙන්ම ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ව්‍යාපාරිකයන් සඳහා මෙතෙක් පැවති 15%ක බද්ද 18% දක්වා ඉහළ නංවා ඇති අතර මෙය මාසිකව රුපියල් මිලියනය ඉක්මවන දළ එකතු කිරීම් සහිත ව්‍යාපාර සඳහා අදාළ වනු ඇති බව දැක්වේ.
අඳාළ බදු සංශෝධනයන් සිදු කර ඇත්තේ 2025 අංක 25 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධිත) පනත මඟින් 1988 අංක 40 දරන ප්‍රධාන පනත සංශෝධනය කිරීම තුළින් වේ.
ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම කැසිනෝ සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන වෙත දැනුම් දෙන්නේ අද දින සිට මෙම නව බදු ව්‍යුහය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.