එකම පවුලේ පිරිසක් ගමන් වාහනයක් ලෙස්සා මස්කෙළිය හැටන් මාර්ගයේ දරුණු අනතුරක්
දරුණු අනතුරක් පිළිබඳව මස්කෙළිය අප්කට් ප්‍රදේශයන් වාර්තාවේ.
ඒ අනුව මස්කෙලිය අප්කට් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රී රෝද රථයක් ලෙස්සා ගොස් දුරකථන රැහැන් කණුවක වැදී දරුණු අනතුරක් සිදුවී තිබේ.
මෙම අනතුරෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කළ බව හැටන් පොලිසිය සඳහන් කරයි.
ත්‍රිරෝද රථය අනතුරට පත් වන අවස්ථාවේ රථය තුළ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් රියදුරාගේ බිරිඳ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී තිබුණි. මේ දිනවල මධ්‍යම කඳුකරයේ පස්වරුවේ පවතින අයහපත් කාලගුණයත් සමඟ මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමෙන් රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.