පෝලන්තෙට පයින්න ගිහින් වෙච්චි දෙයක්
ව්‍යාජ වීසා බලපත්‍ර භාවිත කරමින් පෝලන්තයට යෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිඳුකර ඇත්තේ එම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් පසුවය .
කටාර් හරහා පෝලන්තයට යෑමට උත්සාහ කළ මෙමසැකකරුවන් වයස අවුරුදු 31 සහ 38 යන වයස්වල පසුවන අතර දෙමෝදර සහ බෙලිගල ප්‍රදේශවල පදිංචිකරුවන්ය .මෙම පුද්ගලයන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.