පෞද්ගලික බැංකුවක ලක්ෂ ගාණකට විඳලා - සැකකරුවෙකු අත්අඩංගුවට
පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ එම ව්‍යාජ වෙබ් අඩවිය හරහා පුද්ගලයෙකු රවටා ඔහුගේ බැංකු ගිණුමට ප්‍රවේශ වීමේ දත්ත ලබාගෙන ගිණුමේ තිබූ මුදල් වංචා කර ඇති බවයි.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වූ හෙළි වූ තොරතුරු මත පෞද්ගලික ආයතනයක දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙකු වශයෙන් සේවය කරන සැකකරුවෙකු ඊයේ (26) දින දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.