ධවල මන්දිරයේ වටකරගෙන.. ට්‍රම්ප්ට දෙවියන්ගෙම පිහිටයි

Report

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ඉරානය සමඟ යුද්ධ තත්ත්වයකට මුහුණ දෙමින් සිටින මොහොතකදී දේවගැතිවරුන් 50කට අධික පිරිසක් විශේෂ ආශිර්වාද හා යාඥාවක් ලබා දුන් බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම අද(06) දිනයේදී සිදු වූ අතර, එහිදී දේවගැතිවරුන් පිරිස ජනාධිපතිවරයාට දෙවියන්ගේ මඟ පෙන්වීම, ප්‍රඥාව, ආරක්ෂාව සහ ශක්තිය ලැබේවා යැයි යාඥා කළහ. එසේම ඇමෙරිකානු සන්නද්ධ හමුදාවන්ගේ සහ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ලෙසද විශේෂ යාඥාවක නියැලුණි.

හෝමූස්වලදී නැවකට ඩ්‍රෝන් ප්‍රහාරයක් කතාවේ ආරක්ෂක අංශ සීරුවෙන්

හෝමූස්වලදී නැවකට ඩ්‍රෝන් ප්‍රහාරයක් කතාවේ ආරක්ෂක අංශ සීරුවෙන්

මෙම යාඥාවට නායකත්වය දුන්නේ ප්‍රධාන දේවගැති ටොම් මුලින්ස් මහතා වන අතර, ඔහු මාධ්‍ය හමුවකදී පැවසුවේ;

“අපි යාඥා කළේ දෙවියන් වහන්සේ යටතේ පවතින, බෙදිය නොහැකි යුක්තිය සහ නිදහස අගය කරන ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ඇමෙරිකානුවන්ට ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහාය. ජනාධිපති ට්‍රම්ප්ට මෙම අභියෝග ජය ගැනීමට කායික මෙන්ම මානසික ශක්තිය ලැබේවා යැයි අපි ඉල්ලා සිටියෙමු.”

ධවල මන්දිරයේදී දේවගැතිවරුන් ට්‍රම්ප් මහතා වටා වට වී ආශිර්වාද කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වන විට විදේශ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත.

ඇවිලෙන යුද්ධේ ඩ්‍රෝන යානා ගැන පොලිසිය දැඩි විමසිල්ලෙන්

ඇවිලෙන යුද්ධේ ඩ්‍රෝන යානා ගැන පොලිසිය දැඩි විමසිල්ලෙන්