ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් එකවරම තහනම් කරලා.. ගත්ත දැඩි තීරණය මෙන්න..

Report

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් වෙත ප්‍රවේශය සීමා කරමින් පකිස්තාන රජය සමාජ මාධ්‍ය මර්ධනය පුළුල් කර තිබෙනවා.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් එකවරම තහනම් කරලා.. ගත්ත දැඩි තීරණය මෙන්න.. | Facebook And Instagram Are Banned In Pakistan

ඒ එක්ස් සමාජ මාධ්‍ය මාස 06ක් පුරා තහනම් කර ඇති පසුබිමක වේ.

විවිධ අන්තර්ජාල සේවා සපයන්නන් ඔස්සේ සම්බන්ධ වන පරිශීලකයන් මෙම වේදිකා වෙත ප්‍රවේශවීමේ දුෂ්කරතා අත්විඳින සිටියි.

එමෙන්ම, සමහරු වට්ස්ඇප් සම්බන්ධයෙන් ද ගැටලු වාර්තා කරනවා.

මෙම නව සීමා කිරීම් පිළිබඳව රජය නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැති අතර මෙම තහනම පැනවෙන්නේ, අධිකරණය, හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (පීටීඅයි) සහ හමුදා සංස්ථාපිතය සම්බන්ධ ආතතීන් මධ්‍යයේ ය.

රටපුරා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් වෙත ප්‍රවේශය අවහිර වී ඇති බව විදුලි සංදේශ සමාගමක් වන Nayatel තහවුරු කර ඇත.

කෙසේ වෙතත්, පාකිස්තාන විදුලි සංදේශ අධිකාරියෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් සිටින බව එම සමාගම එක්ස් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.