පළාත් කිහිපයකට දැඩි උණුසුමක් - ජනතාවට අවවාදයක්
By Shehan
පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙන විට විජලන තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.
උණුසුම් කාලගුණය හේතුවෙන් චර්ම රෝගවල වැඩිවීමක් සිදුවිය හැකි බවත්, එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට ජලය මෙන්ම දියර සහිත ආහාර වැඩිපුර ලබා ගැනීම වැදගත් බවත් ඔහු පෙන්වා දෙයි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (31) දිනයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මෙම උණුසුම් තත්ත්වය පැවතිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.