ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් - 7ක් අතුරුදන්
By Hashini
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අධික ගින්න හේතුවෙන් අදාළ ස්ථානයට ළඟාවීමට ගිනි නිවන භට කණ්ඩායම්වලට අපහසුවී ඇති බවයි.
පිපිරීම සිදුවන අවස්ථාවේ ගබඩාව තුළ පුද්ගලයින් කොපමණ පිරිසක් සිටියා ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
එසේම ගින්නට නිශ්චිත හේතුවක් ද වාර්තා වී නැහැ.