තවත් බිහිසුණු වෙඩි තැබීමක්
මීගමුවේත් වෙඩිතැබීමක් සිදුව ඇති බවට වාර්තා වේ.
ඒ මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේදීයි.
ඒ අනුව වාර්තා වූයේ අද (3) දහවල් මෙම වෙඩිතැබීමක් සිදුව ඇති බවටයි.
අද දිනය තුළ වාර්තා වූ දෙවන වෙඩිතැබීම මෙය වේ.
අද දින පෙරවරුවේ ද කඳාන පොලීසිය ඉදිරිපිටදී ද නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බව මේ වන විටත් වාර්තා වී ඇත.
එහිදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අයෙක්ව වෙඩික්කරුවන් ඉලක්ක කර ඇති බව පොලීසිය පවසයි.