ඔබත් ලේ, මූත්‍රා පරීක්ෂා කිරීමට යනවා නම් දැඩි ලෙස පරිස්සම් වන්න. ..
පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ, මාතලේ මහ රෝහල ආසන්නයේ පුද්ගලික රෝහලක රසායනාගාරයක් තුළ තිබි කල් ඉකුත් වූ පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සහ රසායන ද්‍රව්‍ය තොගයක් හමු වූ බවයි.
කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කල් ඉකුත් නොවූ රසායන ද්‍රව්‍ය සමග භාවිතා කිරීම සම්බන්ධව වැටලීම සිදුකර තිබේ. එහිදී කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය හා උපකරණ පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.
ඒවා මාතලේ අධිකරණයට ඉදිරිපත් කර එම ආයතනයට විරුද්ධව නඩු පැවරීමට නියමිතයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ආයතන වලට දැනුම් දී ඇත්තේ, රසායනාගාර වල භාවිත කරනු ලබන උපකරණ හා රසායන ද්‍රව්‍ය කල් ඉකුත්වීම සම්බන්ධව නිරන්තරව පරීක්ෂණ කටයුතු කරන ලෙසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කරනු ලබන වැටලීම් වලදී එවැනි ආයතන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් තවදුරටත් සිදු කිරීමට සැලසුම් කර තිබේ.